ගංගා 103 ක් සංවර්ධනයට රුපියල් කෝටි 2300 ක්

Share Button

ගංගා 103 ක් සංවර්ධනයට රුපියල් කෝටි 2300 ක් වැය කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි. සුරකිමු ගංගා තේමාව යටතේ එය ක්‍රියාත්මක කෙරේ. ජනතාවට අවශ්‍ය පානීය ජලය සහ ගොවිතැන් ඇතුළු වෙනත් අවශ්‍යතා වලට ජලය ලබාදෙන ගංගා පද්ධතිය සංරක්ෂණය කිරිම සදහා මෙම විශේෂ ව්‍යාපෘතිය සකස් කර ඇතැයි අමාත්‍යවරයා සදහන් කරයි. ගංගා ආශ්‍රිතව ඉදිකර ඇති කර්මාන්ත ශාලා වලින් බැහැර කරන අපජලය ගංගා වලට බැහැර කිරිම හේතුවෙන් ගංගා පද්ධතිය අතිශයින් දූෂණයට ලක්ව ඇතැයි හෙතෙම පෙන්වා දෙයි.

කැලණි ගග ආශ්‍රිතව කඩුවෙල සිට පෑලියගොඩ පාලම දක්වා කර්මාන්ත ශාලා හත්දහසක් පවතින අතර ඉන් පරිසර වාර්තා ලබාගෙන ඇත්තේ කර්මාන්තශාලා තුන්දහසක් පමනි. පරිසරයට සම්බන්ධ ඇතැම් නිලධාරින් විසින් තම රාජකාරි ඉටු නොකිරිම සහ විවිධ දුෂණ කටයුතුවල නිරත වීම හේතුවෙන් ගංගා පද්ධතිය විනාශ වෙමින් ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. මේ අනුව තමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට කරුණු පැහැදිලි කිරිමෙන් පසු ගංගා සංවර්ධන වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කිරිමට එතුමා උපදෙස් දුන් බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *