තවත් කොරෝනා ආසාදිතයෝ 74 දෙනෙක්

Share Button

අද උදෑසන වන විට මෙරටින් කොවිඩ් -19 ආසාදිතයන් 74 දෙනෙකු හදුනාගෙන තිබේ. ඔවුන්ගෙන් 6 දෙනෙකු විදේශතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අය බව කොවිඩ්-19 පැතිරිම වැලැක්විීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරයි. ඉතිරි පුද්ගලයන් 68 දෙනා මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවය කරන පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් බවට හදුනාගෙන තිබේ. අද උදෑසන වන විට මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1791 කි. ඉන් 1041 දෙනෙකු එම කම්හලේ සේවකයන් වන අතර අනෙක් පුද්ගලයන් හත්සිය පනස්දෙනා ඔවුන් ලගින් ඇසුරු කල පුද්ගලයෝ වෙති.
නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල වෙළෙදසැල් හා ඔසුසල් අද පෙරවරු 8.00 සිට රාත්‍රි 10.00 දක්වා විවෘතව තැබෙ. මේ අතර ඇදිරි නිතිය ක්‍රියාත්මක පොලිස් වසම් 19 ක ගත වු පැය 24 තුළ පුද්ගලයින් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. නිරෝධායන ඇදිරි නිතියට අනුකුල වෙමින් ආරක්ෂක හා සෞඛ්‍ය අංශ වෙත සිය සහාය පළ කරන්නැයි අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *