තවුහිද් ජමාත් සංවිධානයේ රහස් පරීක්ෂක කණ්ඩායමක්

Share Button

තවුහිද් ජමාත් සංවිධානය රහස් පරීක්ෂක කණ්ඩායමක් ද පිහිටුවා ගෙන තිබු බව පාස්කු ඉරිදා ප්‍රහාර විමර්ශන ජනාධිපති කොමිසමේදී හෙලි වෙයි. එම සංවිධානයේ සාමාජිකයන් පිරිසක් 2018 අගෝස්තු මාසයේ මාවනැල්ල ප්‍රදේශයේ රැස්වී සාමාජිකයන් සිව්දෙනෙකුගෙන් සමන්විත රහස් පරීක්ෂක කණ්ඩායමක් පිහිටුවා ගත් බවට තොරතුරු ලැබි ඇතැයි කොමිසම හමුවේ අද සාක්ෂි දුන් කොළඹ ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂක සනත් නන්දසිරි මහතා පැවසීය. කොළඹ අවට පොලිස් ස්ථාන හා නාවික හමුදා මුලස්ථානය පිළිබඳව තොරතුරු රැස් කිරීම එම කණ්ඩායමට පැවරුනු වගකීමයි. වෙනත් ආගමක් වැළඳගත් ඉස්ලාම් බැතිමතුන් දෙදෙනෙකු ඝාතනය කිරීම සදහා සැලසුම් සකස් කිරීම ද එම රහස් පරීක්ෂක කණ්ඩායමට පැවරි තිබු බවට තොරතුරු ලැබි තිබේ. සහරාන් ඇතුඵ කණ්ඩායමට ආරක්ෂා සහිත නිවාස සැපයීමේ වගකීම ද ඔවුන්ට පැවරී තිබු බව උප පොලිස් පරීක්ෂක සනත් නන්දසිරි මහතා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *