මදුරන්කුලිය ජනතාව ජනාධිපතිතුමාගෙන් කළ ඉල්ලීම ඵල දරයි

Share Button

මදුරන්කුලිය ආදර්ශ මහා විද්‍යාලීය ක්‍රිඩාංගනය ජීවනගම-කපුවත්ත මාර්ගය කොළඹ-පුත්තලම ප්‍රධාන මාර්ගයේ මදුරන්කුලිය මහකුඹුක්කඩවල හරහා ආඩිගම දක්වා කොටසේ සංවර්ධන කටයුතු අවසන් අදියරට ලගා වෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගිය මස 19 වැනිදා පුත්තලම දිස්ත්‍රික්කයේ කළ සංචාරයේදී ජනතාව එතුමාගෙන් කළ ඉල්ලීම්වලට අනුව අදාල සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරිනි. ජනාධිපතිතුමා මදුරන්කුලිය ආදර්ශ මහා විද්‍යාලයට ගිය අවස්ථාවේදී එහි දරුවන් කළ ඉල්ලීම යුද හමුදා ඉංජිනේරු බලකායට යොමු කෙරින. දින 18 ක් වැනි කෙටි කාලයක් තුළ එහි ඉදිකිරීම්වලින් සියයට 90 ක්ම අවසන් කර තිබේ. වර්ෂා ජලයට යටවීම ක්‍රිඩාංගනය සෝදා පාලුවට ලක්වෙමින් පැවතින. ක්‍රිඩාංගනය ගොඩකර විධිමත් කානු පද්ධතියක් සහිතව එය මේ වනවිට සංවර්ධනය කර තිබේ. ක්‍රිඩාංගනයේ පැවති අනාරක්ෂිත ගොඩනැගිල්ල ඉවත් කරන්නැයි ද ජනාධිපතිතුමා අදාල අංශවලට උපදෙස් දුන්නේය. ඒ වෙනුවට නව ගොඩනැගිල්ලක් ඉදිකෙරේ.

ප්‍රදේශයේ ජනතාව ජනාධිපතිතුමාගෙන් කළ ඉල්ලීමකට අනුව ජීවනගම-කපුවත්ත මාර්ගය මේ වනවිට කාපට් අතුරා සංවර්ධනය කෙරෙමින් පවති. වැය කෙරෙන මුදල රුපියල් කෝටි 10 කි. කොළඹ-පුත්තලම ප්‍රධාන මාර්ගයේ මදුරන්කුලිය මහකුඹුක්කඩවල හරහා ආඩිගම දක්වා කොටස අබලන්ව පැවතිම සම්බන්ධයෙන් ද ජනතාව ජනාධිපතිතුමාට කරුණු ඉදිරිපත් කළහ. ඒ අනුව කිලෝමිටර් 9 යි දශම 7 ක දුරින් යුත් එම කොටස කාපට් අතුරා සංවර්ධනය කිරීම මේ වනවිට සිදුවෙයි. වැය කෙරෙන මුදල රුපියල් කෝටි 25 කි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *