ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය පිළිබඳ දෙවනවර කියවීමේ පාර්ලිමේන්තු විවාදය ලබන බදාදා හා බ්‍රහස්පතින්දා

Share Button

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය පිළිබඳ දෙවනවර කියවීමේ පාර්ලිමේන්තු විවාදය ලබන බදාදා හා බ්‍රහස්පතින්දා පැවැතවෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා ජාතික ගුවන් විදුලියට පැවසීය. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී එම තීරණය ගෙන තිබේ. 20 වැනි සංශෝධනයට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයා ලබන අගහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ලබන බදාදා හා බ්‍රහස්පතින්දා පෙරවරු 10.00 සිට රාත්‍රි 7.30 දක්වා විවාදය පැවැත්වෙන අතර බ්‍රහස්පතින්දා රාත්‍රි 7.30 ට විවාදයෙන් අවසන්වීමෙන් පසුව කාරක සභා අවස්ථාව ආරම්භ කෙරේ. පාර්ලිමේන්තුව ආරම්භයේදී වාචික පිලිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඉදිරිපත් කරන ප්‍රශ්න ලබන බදාදා හා බ්‍රහස්පතින්දා ඉදිරිපත් නොකෙරෙන අතර දිවා විවේකය සදහා පාර්ලිමේන්තුව අත්හිටුවීමක් ද සිදු නොවේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය මුඵමනින්ම රට අකර්මණ්‍ය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහණ දිසානායක මහතා කියයි.
රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදුන්වාදීම වත්මන් රජයේ අරමුණයි. එය කඩිනමින් කළ හැක්කක් නොවේ. එම නිසා 20 වන සංශෝධනය ගෙනඑන බව මන්ත්‍රිවරයා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *