ප්‍රවීන රංගන ශිල්පිනි අනුලා බුලත්සිංහල මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

Share Button

ප්‍රවීන රංගන ශිල්පිනි අනුලා බුලත්සිංහල මහත්මිය අභාවප්‍රාප්ත වෙයි. රෝගාතුරව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අභාවප්‍රාප්ත වනවිට ඇය 73 වියේ පසු වුවාය. වේදිකා. ටෙලිනාට්‍ය හා සිනමා නිලියක වශයෙන් ද. ගායිකාවක වශයෙන් ද ඇය ප්‍රසිද්ධියට පත්ව සිටියාය. සතොස ආයතනයෙන් රාජ්‍ය සේවයට එක්වන ඇය එහිදී මුණගැසෙන ආර්. ආර්. සමරකෝන්. චන්ද්‍රා කඵආරච්චි වැනි අයගේ මගපෙන්වීම ඔස්සේ වේදිකා නාට්‍ය රංගනයට එක්වුවාය. නෙයිනගේ සුදුව. තාරාවෝ ඉගිලෙති ඇතුඵ වේදිකා නාට්‍ය රැසකට ඇය සිය රංගන දායකත්වය සැපයුවාය. සිටු දියණියෝ චිත්‍රපටයෙන් සිනමා රංගනයට එක්වන ඇය චිත්‍රපට රැසක රගපැවාය. මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේදී ජිවිතයේ එක්වරක් පමණක් පිදෙන නාට්‍ය කීර්ති සම්මානයෙන් ඇය පිදුම් ලැබුවාය. අනුලා බුලත්සිංහල මහත්මියගේ දේහය කොළඹ ජයරත්න මල් ශාලාවේ මහජන ගෞරවය සදහා තබා ඇති අතර අවසන් කටයුතු කොළඹ බොරැල්ල කනත්තේදී හෙට සිදු කෙරේ.

———————

ප්‍රවීන මාධ්‍යවේදියෙකු. සාහිත්‍යධරයෙකු මෙන්ම කලා ශිල්පියෙකු වු වේහැල්ලේ පියතිලක මහතා අභාවප්‍රාප්ත වෙයි. මිය යනවිට ඔහු 90 වන වියේ පසුවිය. 70 දශකයේදී අපට පුතේ මගක් ඇතේ. කඩදහි කුටි උරචක්‍රමාලේ ඇතුඵ වේදිකා නාට්‍ය ගණනාවක් ඔහු නිර්මාණය කළේය. දයා විමලවීර අධ්‍යක්ෂනය කළ මිහිදුම් සිහින චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය කරමින් ඔහු සිනමා රංගනයට එක්විය. කලා අධ්‍යක්ෂවරයෙකු හා රංගන ශිල්පියෙකු ලෙස ඔහු චිත්‍රපට රැසකට සම්බන්ධවී තිබේ. ඔහු ගීපද රචකයෙක් ද වෙයි. ඇත්ත පුවත්පතෙන් මාධ්‍ය ක්‍ෂේත්‍රයට එක්වු ඒ මහතා දිනමිණ ඇතුඵ පුවත්පත් රැසක සේවය කළේය. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති අංශයේ ප්‍රාදේශිය වාර්තාකරුවෙකු ලෙස ඔහු දිගුකලක් සේවය කර තිබේ. අවසන් කටයුතු කහටගස්දිගිලිය පොදු සුසාන භුමියේදී හෙට පස්වරුවේ සිදු කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *