නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාට පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවතට

Share Button

ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශයේදී ගිනි ගැනීමට ලක්වු නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාට පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවත් කෙරේ. ඔහුගේ නීතිඥවරයා ඉදිරිපත් කර තිබු මෝසමක් අද කැදවු අවස්ථාවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය. කපිතාන්වරයා වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා අදාල චෝදනාවලට වරද පිළිගෙන දැනටමත් කොළඹ මහාධිකරණයට රුපියල් එක්කෝටි 12 ලක්ෂයක දඩයක් ගෙවා ඇතැයි පැවසීය. ඒ අනුව ඔහුට පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඔහු මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ විරෝධය පළ වුයේ නැත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *