අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂවරයෙක් පත් කෙරේ

Share Button

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී එන් ද සොයිසා මහතා පත් කෙරේ ඔහු මීට පෙර නීති විරෝධි වත්කම් විමර්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස ක්‍රියා කළේය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුරේ සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ ආර් පී ජේ ද අල්විස් මහතා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස පත්කර තිබේ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිටි ටී ජී එන් ඩබ්ලිව ඩී තල්දුව මහතා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස පත්කර ඇත මීට අමතරව තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් සහ සහකාර පොලිස් අධිකාරිවරුන් සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක මෙන්ම පොලිස් පරීක්ෂක තනතුරේ විවිධ අංශවල සේවය කළ පිරිසකට වහාම ක්‍රියාත්මක වනපරිදි ස්ථානමාරු ලබාදී ඇත නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිපදෙනෙකුට ද ස්ථාන මාරුවීම් ලබාදී තිබේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව සේවා අවශ්‍යතා මත මෙම ස්ථාන මාරුවීම් සහ පත් කිරීම් වහාම ක්‍රියාත්මක වනපරිදි සිදුකර තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *