මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1901 ක් දක්වා ඉහලට

Share Button

අද පෙරවරු වන විට මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සම්පුර්ණ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1901 ක් බව කොවිඩ් නයින්ටින් පැතිරිම වැලැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරයි ඉන් එක්දහස් හතලිස් එක්දෙනෙක් ඇගලුම් කම්හලේ සේවකයෝ වෙති අනෙක් අටසිය හැටදෙනා ඔවුන්ව ලගින් ආශ්‍රය කල අයවෙති අද දවසේදි 108 දෙනෙකු නිරෝධායනය අවසන් කර නිවෙස් බලා යාමට නියමිතයි යුද හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථාන 86 ක පුද්ගලයෝ 9415 දෙනෙක් නිරෝධායනය වෙමින් සිටිති ඊයේ සිදුකළ පිී සිී ආර් පරික්ෂණ සංඛ්‍යාව 7675 කි

කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව කොවිඩ් නයින්ටීන් උවදුරින් බේරා ගැනීම සදහා වැඩපිළිවෙල රැසක් මේ වනවිට ක්‍රියාත්මක බව කොළඹ මහ දිසාපති ප්‍රදීප් යසරත්න මහතා පවසයි කොළඹ නගරයේ පැල්පත්වාසින් වෙත ගොස් ඔවුන්ගේ පී සී ආර් පරීක්ෂණ සිදු කිරීම මෙන්ම ජීවනෝපාය කටයුතු වලදී අවශ්‍ය මගපෙන්වීම ලබාදීමට ක්‍රියා කෙරේ කොටුව දුම්රියපල මධ්‍යම බස් නැවතුම්පොල වෙළෙඳපොල ආශ්‍රිතව අහඹු ලෙස පුද්ගලයන් තෝරා පරීක්ෂණවලට ලක් කෙරේ
කොවිඩ් නයින්ටීන් මර්දනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කලේ ඔක්තෝබර් 03 වැනිදා සිට මේ දක්වා කොළඹින් හදුනාගත් රෝගින් සියලුදෙනා මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් බවයි තවදුරටත් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කළේය

සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ ශිරෝමි මාදුවගේ මහත්මිය සදහන් කළේ ඇතැම් රෝගීන් මුලාශ්‍ර සගවාගෙන සිටිම හා නිසි තොරතුරු ලබා නොදිම නිසා ගැටඵවලට මුහුණදීමට සිදුවන බවයි කොළඹ නගරයේ ආයතන 50 කට වැඩි සංඛ්‍යාවක නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කළ බවද ඇය පැවසුවාය

කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා සංවාදයට එක්වෙමින් දෛනිකව කොළඹ නගරයේ පී සී ආර් පරීක්ෂණ 300 ක් සිදුකරන බව කීවේය ඉකුත් 05 වැනිදා සිට මේ දක්වා පී සී ආර් පරීක්ෂණ 3883 ක් සිදුකර තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *