පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කාර්යාල 23 වැනිදා දක්වා මහජනතාව සදහා විවෘත නොකිරීමට තීරණයක්

Share Button

කොවිඩ් නයින්ටීන් හේතුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා සියලු පළාත් කාර්යාල ලබන 23 වැනිදා දක්වා මහජනතාව සදහා විවෘත නොකිරීමට තීරණය කර තිබේ කෙසේ වෙතත් එක්දින සේවය යටතේ ජාතික හැදුනුම්පත ලබා ගැනීම සදහා දින හා වේලාවන් වෙන්කරගත් ඉල්ලුම්කරුවන් අතරින් ප්‍රාදේශිය ලේකම් කාර්යාල වෙත මෙතෙක් තම ඉල්ලුම්පත් භාර නොදුන් අය නොපමාව ඒවා ග්‍රාම නිලධාරි වෙත හෝ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පිහිටි හැදුනුම්පත් අංශය වෙත භාරදෙන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා ඉල්ලීමක් කරයි එම ඉල්ලුම්පත් සදහා එක්දින සේවා ගාස්තු අය කිරීමකින් තොරව ජාතික හැදුනුම්පත් කඩිනමින් සකස් කර අදාල ඉල්ලුම්කරුවන් වෙත ලියාපදිංචි තැපෑලෙන් යොමු කෙරේ විභාග කටයුතු සම්මුඛ පරීක්ෂණ විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම වැනි හදිසි හා අත්‍යවශ්‍ය කටයුතු සදහා ජාතික හැදුනුම්පත කඩිනමින් ලබා ගැනීමට අවශ්‍ය ඉල්ලුම්කරුවන් ඒ පිළිබඳව දෙපාර්තමේන්තුවට දැනුම්දිය හැකිය 011-5 226 126 011-5 226 115 011-5 226 100 හෝ 011-5 226 150 යන දුරකථන අංක අමතා ඒ ිපළිබඳව තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලීමක් කෙරේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *