අවශ්‍යතාව ඉක්මවා වී තොග රැස් කර තබා ගන්නන්ට එරෙහිව දැඩි පියවර

Share Button

අයථා අන්දමින් සහල් මිල ඉහළ නැංවිමට උත්සාහ කරන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි පසුගිය කන්නයේ වී තොග අතරමැදියන් විසින් මිලදී ගෙන සගවා තබා අයථා අන්දමින් සහල් මිල ඉහළ නැංවීමට උත්සාහ කරන බව එම අධිකාරිය පෙන්වා දෙයි අනුරාධපුර සහ කුරුණෑගල ප්‍රදේශවල සගවා තබා ගත් වී තොග සිය භාරයට ගෙන ඇති බව එම අධිකාරියේ නිලධාරියෙකු ප්‍රකාශ කළේය අවශ්‍යතාව ඉක්මවා වී තොග රැස් කර තබා ගන්නා පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට මේ වනවිට දිවයින පුරා වැටලීම් ක්‍රියාත්මක කර ඇතැයි පාරිභෝගික සේවා අධිකාරිය වැඩිදුරටත් සදහන් කරයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *