දිවුලපිටිය කොවිඩ් පොකුරෙන් තවත් ආසාදිතයෝ 73 න් දෙනෙක් හදුනා ගැනෙති

Share Button

දිවුලපිටිය කොවිඩ් පොකුරෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 1972 දක්වා ඉහළ ගොස් තිබේ අද දිනයේ හදුනාගෙන ඇති නව ආසාදිතයින් සංඛ්‍යාව 73 කි ඇගලුම් කම්හල් කාර්ය මණ්ඩල සාමාජිකයෝ දෙදෙනෙක් සහ ඔවුන්ගේ ආශ්‍රිතයෝ 71 දෙනෙක් මේ අතර වෙති වයිරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලැබු තවත් පුද්ගලයන් 10 දෙනෙකු සුවය ලබා අද රෝහල්වලින් පිටව ගොස් තිබෙ ඒ අනුව මේ වනවිට සුවය ලැබු සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3395 ක් දක්වා ඉහල ගොස් ඇත තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2019 කි
මිනුවන්ගොඩ ඇගලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොවිඩ් පොකුර නිර්මාණය වීම පිළිබඳ සොයා බැලීම සදහා රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරින් යොදවා විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි සෞඛ්‍ය අංශවල උපදෙස් මත මෙම විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවත් ඊට පොලිස් නිලධාරීන්ගේ සහාය හිමිවී ඇති බවත් ඔහු සදහන් කරයි
කොරෝනා මර්දනයට උරදෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩල ආරක්ෂා කර ගත යුතු බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි පරිපුරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තිය සමිති නායකයින් සහ නියෝජිතයින් සමග අද පැවති විශේෂ සාකච්ඡාවක දී කොරෝනා පාලනයට හා මැඩපැවැත්වීම සදහා එම වෘත්තිකයින් ලබා දෙන සහයෝගයට අමාත්‍යවරිය ස්තුතිය පළ කළාය එම සහයෝගය ඉදිරියටත් අවශ්‍ය බව ඇය එහිදී පැවසුවාය වයිරසය ආසාදිත බවට සැක කරන පුද්ගලයින් සමග නිරන්තරයෙන් කටයුතු කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල පී සී ආර් පරීක්ෂණ සදහා යොමු කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය පරිපුරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයින් ක්‍ෂේත්‍රයේ දිී මුහුණපාන ගැටඵවලට කඩිනම් විසදුම් ලබාදීමට අමාත්‍යවරිය උපදෙස් දුන්නාය
කොරෝනා
අද දිනයේ පමණක් කොළඹ මහනගර සීමාව තුළ පි සි ආර් පරීක්ෂණ 143 ක් සිදු කළ බව එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසයි බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙකු කොරෝනා ආසාදිත බවට අද හදුනාගෙන ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයා නිරෝධායන කටයුතු සදහා යොමුකරන බව ඔහු සදහන් කරයි
පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ මහනගර සභාවේ පුණ්‍ය කොමසාරිස් කාර්යාලයේ නිලධාරිනියට සිදු කළ පි සි ආර් පරීක්ෂණයෙන් ඇයට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වු බව වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසයි
මේ අතර කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා නිශ්චිත ප්‍රදේශ හදුනාගෙන දැඩි සංචරණ සිීමා පැනවිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි ඒ අනුව පොකුරු හදුනා ගත් ප්‍රදේශවල මෙම තත්ත්වය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය නුවන් සොයිසා මහතා ප්‍රකාශ කරයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *