ව්‍යාජ සහල් හිගයට වී අලෙවි මණ්ඩලයෙන් විසදුම්

Share Button

ව්‍යාජ සහල් හිගයට විසදුම් ලෙස මෙට්රික් ටොන් 1 ලක්ෂ පනස් දහසක ආරක්ෂිත වී තොගයක් පවත්වාගෙන යන බව වී අලෙවි මණ්ඩලය කියයි. ඇතැම් පිරිස් වෙළෙඳපොල ව්‍යාජ සහල් හිගයක් මවාපෑමට උත්සාහ දරන බව රජය කියයි. පටු දේශපාලන අරමුණු මත පිහිටා රටේ පවතින තත්ත්වය ද නොසලකා මෙසේ ක්‍රියා කිරීම සම්පුර්නයෙන් හෙලා දකින බව රජය කියයි.  මහ කන්නයේ වී මිලට ගැනීමේදී සියලු ගොවීන්ගෙන් වී කිලෝ දහසක් පාලන මිල යටතේ මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය කටයුතු කර තිබේ. මේ දිනවල වෙළෙඳපොල පවතිනස හල් මිල පාලනය සදහා වී මෙට්‍රික් ටොන් 50 දහසක් සහල්කර අද දිනයේදී වෙළෙඳපොලට යොමු කරන බව වී අලෙවි මණ්ඩලයේ උපසභාපති දුමින්ද ප්‍රියදර්ශන මහතා පවසයි.

අයථා අන්දමින් සහල් මිල ඉහළ නැංවිමට උත්සාහ කරන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි. පසුගිය කන්නයේ වී තොග අතරමැදියන් විසින් මිලදී ගෙන සගවා තබා අයථා අන්දමින් සහල් මිල ඉහළ නැංවීමට උත්සාහ කරන බව එම අධිකාරිය පෙන්වා දෙයි. අනුරාධපුර සහ කුරුණෑගල ප්‍රදේශවල සගවා තබා ගත් වී තොග සිය භාරයට ගෙන ඇති බව එම අධිකාරියේ නිලධාරියෙකු ප්‍රකාශ කළේය. අවශ්‍යතාව ඉක්මවා වී තොග රැස් කර තබා ගන්නා පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට මේ වනවිට දිවයින පුරා වැටලීම් ක්‍රියාත්මක කර ඇතැයි පාරිභෝගික සේවා අධිකාරිය වැඩිදුරටත් සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *