මිණූවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරේ ආසාදිතයින්ගේ සංඛ්‍යාව දෙදහස ඉක්මවයි

Share Button

මිනුූවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරේ ආසාදිතයින්ගේ සංඛ්‍යාව දෙදහස ඉක්මවයි. ඊයේ දිනයේදී එම පොකුරෙන් ආසාදිතයින් 115 දෙනෙකු වාර්තාවීමත් සමග ආසාදිත සංඛ්‍යාව දෙදහස ඉක්මවා තිබේ. කුලියාපිටියේ ඌරුපිටිය හා ගයියාල යන ප්‍රදේශවලට සංචාරණ සීමා පැනවු බව කුලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. කොළඹ නැව් තටාකාංගනයේ සේවය කළ ගාල්ලේ සහ රාගම බටුවත්ත ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් දෙදෙනෙකුට කොරෝනා ආසාදනයවී තිබේ. ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 121 කි. ඊයේ දිනයේදී රෝගීහු දසදෙනෙක් සුවය ලැබුහ. මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා රෝගින්ගේ සංඛ්‍යාව 5475 කි. සුවය ලබා ඇති සංඛ්‍යාව 3395 කි. පුද්ගලයෝ 2067 දෙනෙක් වෛද්‍ය අධික්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබති.

මේ වනවිට ලෝකයේ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව තුන්කෝටි 99 ලක්ෂ 36 දහස් 797 කි. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. සංඛ්‍යාව 83 ලක්ෂ 41 දහස් 588 කි. ඉන්දියාවෙන් ආසාදිතයින් 74 ලක්ෂ 92 දහස් 727 දෙනෙකු වාර්තා වෙයි. බ්‍රසිලයෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 52 ලක්ෂ 24 දහස් 362 කි. ගතවු පැය 24 තුළ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉන්දියාවෙනි. සංඛ්‍යාව 62 දහස් 92 කි.

මේ වනවිට ලෝකයේ සමස්ත කොරෝනා මරණ සංඛයාව 11 ලක්ෂ 17 දහස් 167 කි. ඇමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව දෙලක්ෂ 24 දහස් 277 ක් වෙයි. බ්‍රසිලයෙන් කොරෝනා මරණ එක්ලක්ෂ 53 දහස් 675 ක්ද ඉන්දියාවෙන් කොරෝනා මරණ එක්ලක්ෂ 14 දහස් 64 ක්ද මෙක්සිකෝවෙන් කොරෝනා මරණ 85 දහස් 704 ක්ද වාර්තා වෙයි. ගතවු පැය 24 තුළ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉන්දියාවෙනි. සංඛ්‍යාව 1032 කි.

කොරෝනා වෛසරය පිලිබදව ජනතාවට අවශ්‍ය තොරතුරු සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ 1999 ක්ෂණික දුරකතන අංකය ඇමතිමෙන් ලබාගත හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දෙයි. දවසේ පැය 24 පුරා 1999 ක්ෂණික දුරකතන අංකය විවෘතව පවති.

කොළඹ මහ නගරසභා බල ප්‍රදේශය තුල කොරෝනා වෛරසය ව්‍යාප්තවිමේ කිසිදු ඉඩක් නැතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය රුවන් විජයමුණි මහතා කියයි. එහෙත් ඒ සදහා නගරයේ ජනතාවගේ සහය අත්‍යාවශ්‍ය වෙයි. හැකිතාක් සංචරණය අවම කර නිවෙස්වලම රැදි සිටින්නැයි ඔහු ජනතාවගෙන් ඉල්ලිමක් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *