කොරෝනා වෛසරය පිලිබදව අවශ්‍ය තොරතුරු 1999 ක්ෂණික දුරකතන අංකයෙන්

Share Button

කොරෝනා වෛසරය පිලිබදව ජනතාවට අවශ්‍ය තොරතුරු සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ 1999 ක්ෂණික දුරකතන අංකය ඇමතිමෙන් ලබාගත හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දෙයි. ඒ අනුව වෛරසය ආසාදනය විම වලක්වා ගැනිමට අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග වෛරසය ආසාදනය වුවහොත් එය තම පවුලේ සාමාජිකයන් ඇතුලු සෙසු අයට ආසාදනය විම වලක්වා ගන්නා ආකාරය ආදිය පිලිබද තොරතුරු එම ක්ෂණික දුරකතන අංකය ඇමතිමෙන් ලබාගත හැකිය. අදාල රෝග ලක්ෂණ සමග තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වි ඇතැයි හැගී යන්නේ නම් කඩිනමින් ගතයුතු ක්‍රියාමාර්ග දැනගැනිමටත් අවශ්‍ය සහය ලබාගැනිමටත් මෙම අංකය ඇමතිය හැකිය. භාෂාත්‍රයෙන්ම තොරතුරු ලබාගැනිමේ හැකියාව පවති. වෛද්‍යවරු හා විශේෂඥ වෛද්‍යවරු මෙම සේවාව සමග උපදෙස් දිමට සම්බන්ධවි සිටිති. දවසේ පැය 24 පුරා 1999 ක්ෂණික දුරකතන අංකය විවෘතව පවති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *