සී.ටී ප්‍රනාන්දු 43 වන අනුස්මරණ දිනය නිමිත්තෙන් ජාතික ගුවන් විදුලියේ වෙලද සේවය විශේෂ චිත්‍රපට ගී වැඩසටහනක්

Share Button

සී.ටී ප්‍රනාන්දු ගායන ශිල්පියාගේ 43 වන අනුස්මරණ දිනය නිමිත්තෙන් ජාතික ගුවන් විදුලියේ වෙලද සේවය විශේෂ චිත්‍රපට ගී වැඩසටහනක් අද සංවිධාන කර තිබේ. අද පෙරවරු 10 සිට එය විසුරුවා හැරේ. සී.ටී ප්‍රනාන්දු කලාකරුවා දෙයියන්ගේ රටේ, කවුද හරි ඇතුඵ ජනප්‍රිය සිංහල චිත්‍රපටවල ගැයූ ගී ප්‍රචාරය කෙරේ. සී.ටී ප්‍රනාන්දු කලාකරුවා ජාතික ගුවන් විදුලිය වෙනුවෙන් ද සරල ගී රැසක් ගායනා කර තිබේ. පින්සිදු වන්නේ අනේ බාල ළමුන්ගේ ගීතය 1946 දී ගායනා කල ඔහුගේ පළමු ගීතයයි. මෙම ගී වැඩසටහනට ප්‍රවීණ මාධ්‍යවේදී රවින්ද්‍ර ගුණසේකර මහතා සිය කලා තොරතුරුවලින් දායකත්වය සපයයි. එෆ් එම් 94 .3 සහ 94.5 න් ඊට සවන් දිය හැකිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *