නිරෝධායන ඇදිරි නීතිය කඩකල 265 දෙනෙකු පොලිස් අත්අඩංගුවට

Share Button

ගෙවුණු දිනයේදී නිරෝධායන ඇදිරි නීතිය කඩකල 53 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි ඒ අනුව මේ දක්වා මෙම වරදට අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 265 කි වාහන 48 ක්ද පොලිස් භාරයට ගෙන තිබේ වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දිනයේදීය ඔව්හු සිීදුව ගම්පහ සහ දොම්පේ පදිංචිකරුවෝ වෙති තවදුරටත් එම ප්‍රදේශවලට නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මකයි එබැවින් සෞඛ්‍ය නීති අනුගමනය කරමින් ක්‍රියාකරන්නැයි ඉල්ලීමක් කෙරේ

පොලිස් අත්අඩංගුවේ සිට රාගම රෝහලට ඇතුළත් කි්රීමෙන් පසු මියගිය පුද්ගලයා පිළීබඳව තවදුරටත් පරීක්‍ෂණ ක්‍රියාත්මකයි ඒ සම්බන්ධයෙන් පුගෝඩ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයෙකු සහ පිටස්තර පුද්ගලයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *