දෛනික පී.සී.ආර් පරීක්‍ෂණ සංඛ්‍යාව නව දහසකට ආසන්න වෙයි

Share Button

ඊයේ දවස තුළ මෙරට පී සී ආර් පරීක්‍ෂණ 8724 ක් සිදුකර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරයි. ඒ අනුව මෙතෙක් සිදුකර ඇති පී සී ආර් පරීක්‍ෂණ සංඛ්‍යාව 3 ලක්‍ෂ 74 දහස ඉක්මවා ඇත. මේවනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 82 ක පුද්ගලයෝ 9 දහස් 386 දෙනෙක් නිරෝධායනය වෙමින් සිටිති. අද පෙරවරුව වන විට කොවිඩ් ආසාදිතයන් 2016 දෙනෙක් වාර්තා වී තිබුණි. ඊයේ දිනයේදී ඊට 121 දෙනෙකු එක්විය. ඉන් 6 දෙනෙක් විදේශයන්හි සිට පැමිණි අයවෙති. ඉතිරි 115 දෙනා මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවය කළ අය ලගින් ඇසුරු කළ පුද්ගලයෝ වෙති. මිනුවන්ගොඩ පොකුරේ ආසාදිත අයගෙන් 1041 දෙනෙක් එම ඇගලුම් කම්හලේ සේවකයෝ වෙති. අනෙක් 975 දෙනා ඔවුන්ව ලගින් ඇසුරු කළ අය වුහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *