නවසීලන්ත පාර්ලිමේන්තුවට ශ්‍රී ලාංකිීය සම්භවයක් ඇති වනුෂී වොල්ටර්ස් තේරී පත්වී තිබේ

Share Button

නවසීලන්ත පාර්ලිමේන්තුවට ශ්‍රී ලාංකිීය සම්භවයක් ඇති වනුෂී වොල්ටර්ස් තේරී පත්වී තිබේ. ඊයේ පැවැති මහ මැතිවරණයේදී ඇය ජයග්‍රාහී කම්කරු පක්‍ෂය නියෝජනය කරමින් වයඹ දිග ඕක්ලන්ඩ් කලාපයේ හාබර් ආසනයට තරග වැදුනාය. එහිදී ඇයට ඡන්ද 14 දහසට වැඩි සංඛ්‍යාවක් ලැබී තිබේ. ශ්‍රී ලංකාවේ උපත ලැබු ඇය වයස අවුරුදු 5 දී නවසීලන්තයට ගොස් තිබේ 39 හැවිරිදි ඇය එරට වඩාත් ජනප්‍රිය වුයේ මානව හිමිකම් ක්‍රියාකාරිණියක් ලෙසය. මහ මැතිවරණයේදී ඇය තරග වැදුනු අගමැති ජසින්දා ආඩන් මහත්මියෙග් කම්කරු පක්‍ෂයට විශාල ජයග්‍රහණයක් ලැබුණි. එම පක්‍ෂය ගෙවුණු අඩසියවසක කාලයේදී ලැබු විශාලම ජයග්‍රහණයද මෙයයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *