වසරක් ඇතුළත නව ව්‍යවස්ථාවක් සම්මත කර ගන්නා බව අධිකරණ අමාත්‍යවරයා සහතික වෙයි

Share Button

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝ්ධනය පිළිබඳ විවාදයේ පිළිතුරු කථාව කරමින් අලි සබ්‍රි අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ විධායකය ශක්තිමත් කිරීිමෙන් රට ශක්තිමත් වන බවයි. 20 වන සංශෝධනයට ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන පාර්ශව එකගතාව පල කරන බවද ඇමතිවරයා සදහන් කළේය. වසරක් ඇතුළත නව ව්‍යවස්ථාවක් සම්මත කර ගන්නා බවද අලි සබ්‍රි ඇමතිවරයා සදහන් කළේය
විවාදයට එක්වු රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා රට අරාජික තත්ත්වයට පත්වීම පිළීබඳ 19 වැනි සංශෝ්ධනය ගෙනඒමට දායක වු අය වගකිවයුතු බව පැවසීය
පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් මහතා කතා කරමින් රටක ව්‍යවස්ථාවක් සැකසිය යුත්තේ අතීත සිදුවීම් සැලකිල්ලට ගනිමින් බව පෙන්වා දුන්නේය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කථා කරමින් ජනාධිපතිතුමාගේ ධුර කාලය තුල රටට සුදුසු නව ව්‍යවස්ථාවක් ගෙන එන බව පැවසීය.
විවාදයට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා රටේ ආර්ථික හා දේශපාලන පරිහානියට 19 වැනි සංශෝධනය හේතු වු බව පැවසීය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට රජයට පැහැදිලි ජන වරමක් ලැබී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා කීවේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *