බෞද්ධ විහාරස්ථාන පිළිබඳ තොරතුරු ලබා ගැනීමට වෙබ් අඩවියක්

Share Button

ශ්‍රී ලංකාවේ බෞද්ධ විහාරස්ථාන පිලිබඳ තොරතුරු ක්ෂණිකව ලබා ගත හැකි නව වෙබ් අඩවියක් විවෘත කිරීම අගෝස්තු (01) වැනිදා බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අතින් සිදු විය.

එමඟින් විහාරස්ථාන නාමාවලිය යටතේ ශ්‍රී ලංකාවේ රජමහා විහාරස්ථාන, පුරාණ විහාරස්ථාන , ආරණ්‍ය සේනාසන , භාවනා මධ්‍යස්ථාන සහ සිල්මාතා ආරාම ඇතුළු සියලු බෞද්ධ විහාරස්ථාන පිලිබඳ තොරතුරු ලබා ගත හැක.

එමෙන්ම මෙම වෙබ් අඩවිය හරහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් හා පළාත් මට්ටමින් අදාළ විහාරස්ථානයන් හී විස්තර හා දුරකථන නාමාවලි ලබා ගැනීමට ද හැකියාව උදා වේ.

www.mbs.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් එම තොරතුරු ලබා ගත හැකිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *