සංචරණ සිීමා පනවා ඇති ප්‍රදේශවල ජනතාවගේ පුර්ණ සහය අපේක්ෂා කරන බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි
දිවයිනේ ප්‍රදේශ කිහිපයක මේ වන විට සංචරණ සිමා පනවා ඇත්තේ කොරෝනා පොකුර පාලනය සදහා අවශ්‍ය මහජන මැදිහත් විම උපරිම අන්දමින් පවත්වා ගැනිමට බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේඥ වෛද්‍ය සුදත් සමරවිර මහතා කියයි. ඒ අනුව රජය ජනතාවගේ උපරිම සහයෝගය අපේක්ෂා කරයි. ජනතාව සෞඛ්‍ය උපදෙස් නිසිලෙස අනුගමනය කරන්නේ නම් කොරෝනා වෛරසය පාලනය කර දැනට පනවා ඇති සංචරණ සීමා ඉවත් කළ හැකිය.
කොරෝනා වෛරසය ආසාදනය විමෙන් මේ දක්වා මරණයට පත්ව ඇත්තේ වැඩිහිටි පුද්ගලයන් හා නිදන්ගත රෝග වලින් පෙලෙන අයයි. එම නිසා එවැනි අය හැකිතාක් නිවෙස්වලම රැදි සිටිම අවශ්‍යවෙයි. සියලුදෙනා සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරිම ද අත්‍යාවශ්‍ය වෙයි.