ක්‍රිඩක-ක්‍රිඩිකාවන්ගේ සහ පුහුණුකරුවන්ගේ පෝෂණය පිළිබඳ දැනුම ඉහල නැංවීමේ වැඩසටහනක්
ක්‍රිඩක-ක්‍රිඩිකාවන්ගේ සහ පුහුණුකරුවන්ගේ පෝෂණය පිළිබඳ දැනුම ඉහල නැංවීමේ වැඩසටහනක් මේ මස 31 වැනිදා සිට පැවැත්වෙන බව ක්‍රිඩා වෛද්‍ය ආයතනයේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් ඒකනායක මහතා පවසයි. පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් ක්‍රිඩක-ක්‍රිඩිකාවන්ගේ හා පුහුණුකරුවන්ගේ පෝෂණය පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීම වෙනුවෙන් ඔන්ලයින් ක්‍රමයට මෙය පැවැත්වෙයි. මෙම පාඨමාලාවේ ප්‍රථම අදියර සදහා ක්‍රිඩා සංගම් 10 ක පුහුණුකරුවන් හා ක්‍රිඩික-ක්‍රිඩිකාවන් 300 කට අධික සංඛ්‍යාවක් සහභාගි වන බව වෛද්‍ය ලාල් ඒකනායක මහතා සදහන් කරයි. ක්‍රිඩා වෛද්‍ය ආයතනය සහ ශ්‍රී ලංකා පෝෂණ සංගමය එක්ව මෙය සංවිධාන කරයි.