හෝමාගම, මොරටුව, පානදුර උතුර හා දකුණ පොලිස් බලප්‍රදේශවලට නිරෝධායන ඇදිරී නිීතිය

Share Button

තවත් පොලිස් බලප්‍රදේශ හතරකට නිරෝධායන ඇදිරි නීතිය පැනවු බව කොවිඩ් නයින්ටින් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරයි.ඒ අනුව හෝමාගම,මොරටුව,පානදුර උතුර සහ පානදුර දකුණ යන පොලිස් බලප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු එය ක්‍රියාත්මකයි. මීට පෙර පොලිස් බලප්‍රදේශ 64 ක් සදහා නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබුනි.

නිරෝධායන ඇදිරි නිතිය පනවා ඇති පොලිස් බල ප්‍රදේශවල අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවිසැල් හා ඖෂධහල් සතියකට දින 2 ක් විවෘතව තැබේ. ගම්පහ සහ කලුතර දිස්ත්‍රික්ක සදහා සදුදා සහ බ්‍රහස්පතින්දා වෙන් කර ඇත. කොළඹ කුරුණෑගල දිස්ත්‍රික්ක සදහා වෙන්කර ඇත්තේ අගහරුවාදා සහ සිකුරාදා යන දිනයන්ය , පෙරවරු 8 සිට රාත්‍රි 10 දක්වා එම වෙළෙද සැල් විවෘතව තැබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *