යුරෝපයේ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව සියයට 40 කින් ඉහලට

Share Button

පසුගිය සතියට සාපේක්ෂ්ව යුරෝපයේ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව සියයට 40 කින් පමණ ඉහල ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි. විශේෂයෙන් ප්‍රංශය, ස්පාඤ්ඤය, බ්‍රිතාන්‍ය, නෙදර්ලන්තය සහ රුසියාවේ රෝගීන් සංඛ්‍යාව තුනෙන් එකකින් වැඩිවී ඇති බව එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය මාග්‍රට් හැරීස් මහත්මිය පවසයි. රෝහල්වල දැඩි සත්කාර ඒකක පිරීයාමට පටන්ගෙන තිබිම කණස්සල්ලට හේතුවක් බව ඇය කීවාය. රුසියාවේ දෛනික මරණ සංඛ්‍යාව 350 ක් දක්වා වැඩිවී තිබේ.එමෙන්ම ඉතාලියේද සීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කරයි. ගෙවුනු පැය 24 දී එරටින් මරණ 221 ක් වාර්තා වී ඇත. ඊයේ වනවිට ඔස්ට්‍රියාවේ මරණ සංඛ්‍යාව දහස ඉක්මවා තිබේ.එම රටවල ආසාදිතයන්ගේ විශාල වැඩිවීමක් පෙන්නුම් කර ඇත.කෙසේ වුවත් මේ නිසා පනවන ලද සීමාවන්ට එරෙහිව ඉතාලියේ නගර රැසකම විරෝධතා පැවැත්වින. බෙල්ජියමේ වෛද්‍යවරුන් පිරිසකට වෛරසය ආසාදනයවී තිබුනත් දිගටම වෛද්‍ය කටයුතුවල නිරත වන්නැයි රජය ප්‍රකාශකර තිබේ. එරටේ සෞඛ්‍ය පද්ධතිය අධික අවදානමකට ලක්ව තිබීම ඊට හේතුවයි. යුරෝපිය කලාපයේ මරණවල භයානක වැඩිවීමක් පෙන්නුම් කරන බව මාග්‍රට් හැරීස් පැවසුවාය. බොහෝ රටවල රෝහල් ධාරිතාව ඉක්මවමින් පවති. මෙම රටවල් පනවා ඇති නව සීමා කිරීම්වල ඵලදායිතාව විශ්ලේෂණය කළ හැකි වන්නේ ඉදිරි සති දෙකේදී බව ඇය කියා සිටියාය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *