ලුණු මිල හදිසියේ ඉහලයාම අවම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග

Share Button

ලුණු මිල හදිසියේ ඉහලයාම අවම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ඇමති ඩග්ලස් දේවානන්දා මහතා පවසයි. රුපියල් 675 කට අලෙවි වු කිලෝග්‍රූම් 50 ලුණු බෑගය රුපියල් 950 ක් බවට පත්විී තිබේ. ඊට හේතුවී ඇත්තේ කොවිඩ් හේතුවෙන් ඇතිවු තත්ත්වය මත ධිවරයින් තම මාඵ කරවල බවට පත්කිරීමට ලුණු යොදා ගැනීමයි. මේ නිසා ලුණු මිල ඉහලයාම ධිවරයන්ට ද බරක්වී තිබේ. ඇමතිවරයා මේ පිළිබඳව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සමග ද සාකච්ඡා කළේය. ඒ අනුව අදාල පාර්ශ්ව සමග සාකච්ඡා කොට ලුණු මිල අඩු කිරීමට ක්‍රියාකරන බව විමල් වීරවංශ මහතා පවසයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *