අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ජනපති හමුවෙයි

Share Button

දිවයිනට පැමිණ සිටින අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අද උදෑසන ජනාධිපති ගෝඨාභය රාජෂක්‍ෂ මැතිතුමා හමුවිය. කොවිඩ් වසගංතයෙන් පසුව ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒමේදී වැදගත් අංග වන විනිවිද බවින් යුත් වෙළෙඳ සහ ආයෝජන කටයුතු පිළීබඳව සහ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සදහා පොදු කැපවීම පිළිබඳව මෙම සාකච්ඡාවේ අරමුණ වු බව කොළඹ ආමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්වේ.
වසංගත තත්ත්වයෙන් පසු දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන අවස්ථා දිරිගැන්වීම සදහා සාකච්ඡා පැවැත්වු බව අමෙරිකානු රාජ්‍යලේකම් මයික් පොම්පියෝ මහතා පවසයි. ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර සුහදතාවය තවදුරටත් වර්ධනය කර ගැනීම තම සංචාරයේ අරමුණ බව ඔහු සදහන් කරයි. විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග අද පැවැති ද්විපාර්ශවික සාකච්ඡාවලින් අනතුරුව ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කීවේය. විදේශ කටයුතු අමාත්‍යංශයේදී මෙම හමුව පැවැත්විණි. වසංගත තතත්වයෙන් පසු වෙළෙඳ සහ ආයෝජන අවස්ථා දිරිගැන්වීම සදහා දෙරට අතර සාකච්ඡා කළ බව ඔහු වැඩිදුරටත් සදහන් කළේය. ස්වෛරී සහ සුරක්‍ෂිත ශ්‍රී ලංකාවක් සදහා අමෙරිකා එක්සත් ජනපදය කැපවීම රාජ්‍ය ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නේය. ඒ යටතේ සෞඛ්‍ය, මානුෂීය සහ ආර්ථික ගැටඵ සම්බන්ධයෙන් අමෙරිකාව ශ්‍රී ලංකාව සමග අඛණ්ඩව සහයෝගයෙන් ක්‍රියාකරන බවද පොම්පියෝ මහතා සදහන් කළේය. මෙහිදී අදහස් දැක්වු විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ස්වාධීන මෙන්ම නොබැදි ප්‍රතිපත්තියක් බව පැවසීය. ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර දිගුකාලිීන මිතුදමක් පවතී. එය තවදුරටත් වර්ධනයවීමට මෙම සංචාරය ඉවහල් වී ඇත. ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අමෙරිකාව ලබාදෙන සහාය අගය කරන බව ඇමතිවරයා පැවසීය.අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඉන්දීය සංචාරයෙන් අනතුරුව ඊයේ දිවයිනට පැමිණියේය.

කොච්චිකඩේ ශාන්ත අන්තෝනී දේවස්ථානය නැරඹීමෙන් අනතුරුව අමෙරිකානු රාජ්‍යලේකම්වරයා අද පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ධුර කාලය තුළ මෙරටට පැමිණි ඉහළම අමෙරිකානු රාජ්‍ය නිලධාරියා වන්නේ මයික් පොම්පියෝ මහතායි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *