ඉන්දියාවේ බිහාර් ප්‍රාන්ත මැතිවරණය අද

Share Button

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්ත මැතිවරණය ඇරඹේ. ඉන්දියාව පුරා කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමෙන් පසුව පැවැත්වෙන පළමු ප්‍රධාන මැතිවරණය මෙයයි. ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ ආසන 243 කට නියෝජිතයන් තෝරා ගැනීම සදහා කෝටි 7 ක ජනතාවක් අද ඡන්දය ප්‍රකාශ කරති. මැතිවරණය අදියර 3 ක් යටතේ ක්‍රියාත්මකයි. ඡන්ද ගණන් කිරීම ආරම්භ වන්නේ ලබන මස 10 වැනිදායි. ඉන්දියාවේ දරිද්‍රතාව උපරිම අන්දමින් පවතින බිහාර් ප්‍රාන්තයේ මැතිවරණය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ජනප්‍රියත්වය මැන බලන අවස්ථාවක් ලෙසද සැලකේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *