ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයට අත්සන් තැබීමට කථානායකවරයා සුදානම්

Share Button

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය තමා වෙත ලැබුණු වහාම ඊට අත්සන් තබන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කියයි.එම සංශෝධනය මේ වනවිට නීති කෙටුම්ත් අංශයට යොමු කර තිබේ. අදාල සංශෝධනය අද තමා වෙත ලැබුනහොත් හෙට ඊට අත්සන් තබන බව කථානායකවරයා අප කළ විමසුමක දී පැවසීය. අදාල සංශෝධනයතුනෙන් දෙකක බහුතරයකින් පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත විය.එය නීතියක් වශයෙන් බලාත්මක වන්නේ කථානායකවරයා ඊට අත්සන් තැබීමෙන් පසුවයි.නීති කෙටුම්පත් අංශයට යොමු කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය කථානායකවරයාට යොමු කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇතැයි අධිකරණ අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.
පාර්ලිමේන්තු ආරක්ෂක සේවයේ කොරේා්නා වයිරසය ආසාදනය වී ඇති බවට සැක කළ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ පි සි ආර් වාර්තා සෘණාත්මක බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා පවසයි. මීට ප්‍රථම පරීක්ෂණයට ලක් කළ පාර්ලිමේන්තු වෛද්‍යවරයාගේ ද පි සි ආර් වාර්තාව සෘණාත්මක විය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *