අන්තර්ජාතික සබඳතාවල දී රටේ ස්වාධීනත්වය ,ස්වෛරි භාවය හා භෞමික අඛන්ඩතාව කැප කිරීමට කිසිසේත් සුදානම් නැතැයි ජනාධිපතිතුමා ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා හමුවේ කියයි

Share Button

ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සදහා ශ්‍රීි ලංකාව සමග අඛන්ඩව සහයෝගයෙන් කටයුතු කරන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ප්‍රතිඥා දෙයි. අද දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවු අවස්ථාවේ ඔහු පැවසුවේ දෙරට අතර දැනට පවතින ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම තම රටේ අරමුණ බවයි. ශ්‍රීී ලංකාවේ ඇමරිකානු ආයෝජන ප්‍රවර්ධනයට ඉහල ප්‍රමුඛත්වයක් දෙන බවද ඔහු සදහන් කළේය. සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට ද ඇමරිකාවේ සහාය පළ විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එහිදී පැවසුවේ ශ්‍රීී ලංකාවේ අවශ්‍යතාව නොකඩවා ණය ගැනීම නොව විදේශ ආයෝජන ආකර්ශනය කර ගනිමින් ඉහල ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම බවයි. ශ්‍රීී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය මධ්‍යස්ථ භාවය මත පදනම්ව ඇතැයි එතුමා සදහන් කළේය.ශ්‍රීී ලංකාව සෙසු රාජ්‍යයන් සමග පවත්වන සබඳතා සාධක කිහිපයක් මත තීරණය කෙරේ.ඵෙතිහාසික හා සංස්කෘතික සබඳතා සහ සංවර්ධන සහයෝගිතාව ඒ අතර ප්‍රමුඛ වෙයි. අන්තර්ජාතික සබඳතාවල දී රටේ ස්වාධීනත්වය , ස්වෛරී භාවය හා භෞමික අඛන්ඩතාව කැප කිරීමට තමන් කිසිසේත්ම සුදානම් නැතැයි ජනාධිපතිතුමා අවධාරණය කළේය. බෙදුම්වාදී ත්‍රස්තවාදය නිම කිරීමෙන් පසුව රටේ යටිතල පහසුකම් සංවර්ධනයට චීනයේ ආධාර ලැබුනු බව පැවසු ජනාධිපතිතුමා එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රිී ලංකාව ණය උගුලක සිර නොවු බව සදහන් කළේය. ශ්‍රීී ලංකාව හා ඇමරිකාව අතර දිගුකලක සිට පවතින ආරක්ෂක සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට දෙපාර්ශ්වයම එකග වුහ. මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම හා වෙරළාරක්ෂක සේවා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන් අතර ඊට සහාය වීමට ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා එකග විය. ඉන්දීය සාගරය සාම කලාපයක් ලෙස පවතිනු දැකීම ඇමරිකාවේ අපේක්ෂාව බව පැවසු මයික් පොම්පියෝ මහතා ශ්‍රිී ලංකාව හා ඉන්දියාව අතර පවතින මිත්‍ර සබඳතාව පිළිබදව ද සතුට පළ කළේය. ඉන්දියන් සාගරයේ සාමය පවතිනු දැකීම ශ්‍රීි ලංකාවේ ද අභිලාෂය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැවසීය. අන්තර්ජාතික වේදිකාවල දී මානව හිමිකම් සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට ද දෙපාර්ශ්වය එකග වුහ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *