හෙට මධ්‍යම රාත්‍රියේ සිට සඳුදා අලුයම 5.00 දක්වා බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරි නීතිය

Share Button

හෙට මධ්‍යම රාත්‍රියේ සිට ලබන සදුදා අලුයම 5.00 දක්වා සමස්ත බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇතැයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශය අනුව එම තීරණය ගෙන තිබේ. ලබන සදුදා අලුයම 5.00 ට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කෙරෙන්නේ මේ වනවිට ඇඳිරි නීතිය පනවා නැති ප්‍රදේශවල පමණි. දැනට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල නිරෝධායන ඇඳිරි නීතිය සදුදා අලුයම 5.00 න් පසුවද නැවත දැනුම් දෙන තුරු අඛන්ඩව ක්‍රියාත්මක වෙයි. ලබන සිකුරාදා බස්නාහිර පළාතට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බැවින් දැනට ඇඳිරි නීතිය පනවා ඇති කොළඹ , කුරුණෑගල , ගම්පහ. කඵතර යන දිස්ත්‍රික්කවල අදාල ප්‍රදේශවල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධහල් හෙට පෙරවරු 8.00 සිට රාත්‍රි 10.00 දක්වා විවෘත කර තැබෙන බව යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
නිවෙස්වල නිරෝධායනයට යොමු කර ඇති පිරිසට අත්‍යවශ්‍ය ආහාර සැපයීමේ වැඩපිළිවෙලක් රජය ආරම්භ කර තිබෙ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *