ඉන්දියන් සාගරයේ ආර්ථික හා මුල්‍ය කේන්ද්‍රස්ථානය බවට පත්වීමේ ශ්‍රී ලංකා අභිලාෂයට චීනයේ සහාය

Share Button

ඉන්දියන් සාගරයේ ආර්ථික හා මුල්‍ය කේන්ද්‍රස්ථානය බවට පත්වීමේ ශ්‍රී ලංකා අභිලාෂයට චීන කොමියුනිස්ට් පක්‍ෂයේ සහ එරට ජනතාවගේ පුර්ණ සහාය ලැබෙන බව චීන කොමියුනිස්ට් පක්‍ෂ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ඇමති ග්ඔ යෙජු මහතා කියයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග අරලියගහ මන්දිරයේ අද පැවැති සාකච්ඡාවකදී ඔහු ඒ බව සදහන් කළේය. චීන ජනාධිපති ෂි ජින්පින් මහතා ආරම්භ කළ එක් තීරයක් – එක් මාවතක් .වැඩපිළිවෙල යටතේ ඒ සදහා අනුබල ලැබීමේ් අවකාශයක් උදාවන බව ඒ මහතා පැවසීය. චීන කොමියුනිස්ට් පක්‍ෂයත් එක්සත් ජාතික පක්‍ෂයත් අතර දශක ගණනාවක් තිස්සේ පවතින සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කළයුතු ආකාරය පිළිබඳවද එම සාකච්ඡාවේදී අදහස් හුවමාරු කර ගැණිනි. ශ්‍රී ලංකාවටත් එක්සත් ජාතික පක්‍ෂයටත් චීන කොමියුනිස්ට් පක්‍ෂය නිරතුරු ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා චීන කොමියුනිස්ට් පක්‍ෂ නියෝජිත පිරිසට සිය කෘතඥතාව පල කළේය. ඉදිරියේදී දෙපාර්ශවය අතර තරුණ හුවමාරු වැඩසටහන් සංවිධාන කිරීමේ වැදගත්කම එහිදී අවධාරණය කෙරිණ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *