පිබිදෙමු පොළොන්නරුව වැඩපිළිවෙල යටතේ තවත් සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනපති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට

Share Button

පිබිදෙමු පොළොන්නරුව වැඩපිළිවෙල යටතේ තවත් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට පැවරිණි. පොළොන්නරුව නව නගරයේ ඇවිදින මංතීරුව . අරලගංවිල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය . සහ කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය විවෘත කිරිම ඒ අතර වෙයි. රාජකිය මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රිඩාංගනය සිසු අයිතියට පැවරිමද එතුමාගේ ප්‍රධානත්වයෙන් අද සිදුවිය. විලයාය ප්‍රාථමික විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල සහ විලයාය මධ්‍ය මහා විද්‍යාලයේ තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල .. කටුවන්පිල මුස්ලිම් කණිෂ්ඨ විද්‍යාලයේ නව පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීමද අද සිදුවු තවත් කාර්යයන් කිහිපයකි..
වැලිකන්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය. මනම්පිටිය මාගම්තොට විහාරයේ දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ල සහ මනම්පිටිය නගරයේ හෙල බොජුන්හල සංවර්ධන කටයුතු විවෘත කිරිම ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද සිදුවිය.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවගේ හිත සුවපිණිස සිංහල රජ දවසින් පසුව ක්‍රියාත්මක කර ඇති යෝධ සංවර්ධන සැලැස්ම පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතියයි. ඒ සදහා රුපියල් කෝටි 600 ක මුදලක් වෙන්කර තිබේ. එය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධනය සදහා මෙතෙක් බලයේ සිටි රජයක් වෙන්කළ වැඩිම මුදලයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *