ඊයේ දවස තුළදී කොරෝනා ආසාදිතයන් 449

Share Button

ඊයේ දවස තුළදී කොරෝනා ආසාදිතයන් 449 දෙනෙකු හඳුනාගෙන ඇත. මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් ඊයේ හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 445 කි. ඒ අනුව එම පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 9937 කි. ඊයේ හඳුනාගත් ඉතිරි සිව් දෙනා විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයෝ වෙති. මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 13 දහස් 419 කි. ඉන් 7723 දෙනෙකු සුවය ලබා තිබේ. තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ 5662 දෙනෙක් පමණි. ඊයේ දිනයේ තවත් මරණ 4 ක් වාර්තා විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *