ලේ පරිත්‍යාග කිරීම
ලේ පරිත්‍යාග කිරීම හේතුවෙන් කොරෝනා වැළඳෙන්නේ නැති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ සුදත් සමරවීර මහතා පවසයි. එබැවින් ලේ පරිත්‍යාග කිරීමට බියවිය යුතු නැත. රුධිර හිගයක් මතුව ඇති බැවින් ජාතික රුධිර පාරවිලන මධ්‍යස්ථානය අමතා රුධිරය පරිත්‍යාග කළ හැකිය. ඒ සඳහා කලින් අමතා වේලාවක් වෙන්කර ගත යුතු බව එහි අධ්යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසයි. දුරකථන අංක 011 2 369 931 අමතා වේලාව වෙන්කර ගත හැකිය. කොවිඩ් හේතුවෙන් බොහෝ ප්‍රදේශවල රුධිර පරිත්‍යාග කිරීම සිදු නොවිණි. ජංගම රුධිර පරිත්‍යාග කිරීම වැඩසටහන් ද සංවිධාන නොවූ බව ඔහු පවසයි.