වලව කලාපයේ ගොවිතැනට උඩවලව ජලාශයෙන් ජලය නිකුත් කිරීම ලබන 15 වැනිදා සිට
වලව මහවැලි සංවර්ධන කලාපයේ ගොවිතැන් සඳහා උඩවලව ජලාශයෙන් ජලය නිකුත් කිරීම ලබන 15 වැනිදා සිට ඇරඹේ. ප්‍රදේශයේ අක්කර හැට පන් දහසක ගොවිතැන් කටයුතු සිදුකෙරේ. රජයේ පොහොර සහනාධාරය ගොවි සංවිධාන හරහා ගොවීන්ට ලබාදීමට තීරණය කර ඇත. මේ අතර දිළිඳු පවුල්වල ආර්ථික තත්ත්වය නගා සිටුවීමේ වැඩසටහන යටතේ හිනිඳුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ එවැනි පවුල් වෙනුවෙන් ආධාර ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවේ. ඊට පවුල් 200 ක් තෝරාගෙන ඇත. ඔවුන්ට ගෙවතුවල කෘෂි කාර්මික කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය දායකත්වය ලබාදෙනු ඇත.