මෙරට විශාලතම නෞකාව නිෂ්පාදනය කිරීමට කලම්බු ඩොක්යාඩ් සමාගම සමත් වෙයි
මෙරට විශාලතම නෞකාව නිෂ්පාදනය කිරීමට කලම්බු ඩොක්යාඩ් සමාගම සමත් වෙයි. මෙය නාවික තාක්ෂණික අංශයේ සුවිසල් කඩඉමක් පසුකර යාමකි. කලම්බු ඩොක්යාඩ් ආයතනය ජපානයේ ඔනෝමිචි සමාගම සමග එක්ව කටයුතු කරයි. ආයතනයේ සියයට 51 ක හිමිකාරිත්වය ජපානයට ද සියයට 35 ක අයිතිය ශ්රීී ලංකාවේ රාජ්ය ආයතන ද සතුවෙයි. එම නෞකාව සියයට සියයක්ම දේශිීය ඉංජිනේරුවන්ගේ සහභාගිත්වයෙන් නිමවා තිබෙ. මේ සදහා මාස 21 ක කෙටි කාලයක් ගතවිය. නෞකාව දිගින් මිීටර 113 යි දශම 1 කින් ද පළලින් මීටර 21 යි දශම 5 කින්ද මීටර් 8 යි දහම 8 ක ගැඹුරකින් ද යුක්ත වෙයි. මෙම නෞකාවට පැයට සැතපුම් 14 යි දශම 5 ක වේගයෙන් යාත්රා කළ හැකිය. ජපානයේ පුද්ගලික සමාගමක් සදහා මෙය නිෂ්පාදනය කර තිබෙ.