කොළඹ නගරයේ යාචකයන් නිරෝධායනයට යොමු කිරීම කෙරෙහි අවධානය

Share Button

කොලඹ නගරයේ වෙසෙන යාචකයන් නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා කියයි. කොළඹ නගරයෙන් යාචකයන් 60 දෙනෙකුට අධික පිරිසක් හදුනාගෙන ඇත. ඔවුන් අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවෝ ද වෙති. එම සියලු දෙනා නිරෝධායනයට යොමු කිරීම සදහා අවශ්‍ය අධිකරණ නියෝග ලබා ගැනිමට පියවර ගන්නා බව ප්‍රදීප් යසරත්න මහතා සදහන් කරයි. ජාතික ගුවන් විදුලියේ ටොරිංටන් මෙහෙයුම සජීවි වැඩසටහනට අද එක් වෙමින් ඔහු මේ බව කිවේය. පසුගිය කාලයේදී කොළඹ නගරයේ ජීවත් වු යාචකයන් 360 දෙනෙකු නිරෝධායනයට යොමු කළ බව හෙතෙම පැවසීය.
ස්වයං නිරෝධායනයට ලක්ව සිටින කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් සදහා රුපියල් දස දහසක වියලි ආහාර සලාකය මේ වනවිට ලබා දෙන බව හෙතෙම කීවේය. දැනට පවුල් 9600 කට පමණ එම සහනාධාරය බෙදාදී තිබෙ. අගුලාන ප්‍රදේශයේ හුදෙකලා කර ඇති මහල් නිවාසයක වෙසෙන පවුල් 249 ක් සදහා එම සහනාධාරය අද දවස තුල ලබාදීමට කටයුතු යොදා ඇතැයි කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *