හුදෙකලා කළ ප්‍රදේශයක පිහිටි තරු පහේ හෝටලයක සාදයක් පැවැත්වු පුද්ගලයන් පිළිබඳව විමර්ශනයක්

Share Button

හුදෙකලා කළ ප්‍රදේශයක පිහිටි තරු පහේ හෝටලයක සාදයක් පැවැත්වු පුද්ගලයන් පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. නිරෝධායන නීතිය රට පුරා ක්‍රියාත්මකව පවතී. එම නිරෝධායන රෙගුලාසිවලට අනුකුලව ජනතාව කටයුතු කළ යුතු බව ඔහු අවධාරණය කරයි. ජාතික ගුවන් විදුලියේ ටොරිංටන් මෙහෙයුම සජීවි වැඩසටහනට අද පෙරවරුවේ එක් වෙමින් අජිත් රෝහණ මහතා මේ බව සදහන් කළේය. හුදෙකලා ප්‍රදේශවල ජනතාව ඉන් පිටතට යාමක් සිදු නොකළ යුතුය. හුදෙකලා ප්‍රදේශවලට බාහිර පුද්ගලයන් ඇතුඵ වීමෙන් වැලකී සිටිය යුතු බවද ඔහු පැවසීය. දුරස්ථ භාවය තබා ගැනීම මුහුණු ආවරණ පැළදීම අනිවාර්යය වෙයි. මෙමගින් වයිරසය පාලනය කර ගැනීම අරමුණ බව අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

නිරෝධායන නීති කඩ කරමින් මාසික රැස්වීමක් පැවැත්වීම සම්බන්ධයෙන් මාවනැල්ල ප්‍රාදේශීය සභාවට එරෙහිව අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙ. හුදෙකලා ප්‍රදේශයක පිහිටි එම ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම අද පැවැත්වීමට එරෙහිව පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඒ අනුව එම සභාවේ රැස්වීම් සතියකට අත්හිටුවා ඇත.

වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන දීපවාලි උත්සව සමයේ වඩාත් සෞඛ්‍යාරක්ෂිත ලෙස කටයුතු කරන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඉල්ලිමක් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *