සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය වාරික ගෙවීමේ සහන කාලයක්

Share Button

සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය වාරික ගෙවීමේ සහන කාලය තවක් මාස 3 කින් දීර්ඝ කිරීමට රජය තීරණය කරයි. ඒ අනුව ණය වාරික ගෙවීම සදහා මෙතෙක් ලැබුණු මාස 6 ක සහන කාලය මාස 9 ක් දක්වා දීර්ඝ වනු ඇත. කොවිඩ්-19  වසංගතය හේතුවෙන් පීඩාවට පත් සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර යලි නගාසිටුවීමේ අරමුණින් මෙම පුනරුද සහන ණය වැඩපිළිවෙල රජය හදුන්වා දී තිබෙ. මෙම සහන ණය යෝජනා ක්‍රමය යටතේ මේ වනවිට ව්‍යාපාර 61 907ක් වෙනුවෙන් රුපියල් බිලියන 177.9 කට අධික වටිනාකමකින් යුත් ණය පහසුකම් ලබාදී ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මගපෙන්වීම යටතේ සෞභාග්‍යා කොවිඩ්-19  පුනරුද සහන ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කෙරිණ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *