ඇමරිකාවේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 10 ඉක්මවයි

Share Button

ඇමරිකාවේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 10 ඉක්මවයි. ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය ඊයේ පස්වරුවේ නිකුත් කළ නවතම වාර්තාවේ මේ බව සදහන් වෙයි. ඊයේ දිනයේ එරටින් ආසාදිතයන් අලුතින් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් හදුනා ගැනිනි. ගතවු දින පහ පුරා දෛනිකම එවැනිම ආසාදිත සංඛ්‍යාවක් එරටින් වාර්තා විය. ඇමරිකාවේ දෛනික මරණ සංඛ්‍යාව ද දහස ඉක්මවා තිබේ. හවායි ප්‍රාන්තයේ හැර ඇමරිකාවේ සෙසු සියලු ප්‍රාන්තවල කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කරයි. බටහිර ප්‍රාන්තයක් වන උටා හි හදිසි තත්ත්වයක් ඊයේ ප්‍රකාශයට පත් කෙරිණ. එම ප්‍රාන්තයේ රෝහල් සියල්ල ආසාදිතයින්ගෙන් පිරී පවතී. තවදුරටත් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ ගියහොත් ප්‍රතිකාර කිරීමට නොහැකි තත්ත්වයක් උදාවනු ඇතැයි එහි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
===
කොවිඩ් නයින්ටීන් වසංගතය ආරම්භ ආරම්භ වුදා සිට මේ දක්වා ලොව පුරා මිලියන 137 කට අධික පාසල් ළමයින්ට අධ්‍යාපන කටයුතු අහිමි වී තිබේ. දකුණු ඇමරිකානු සහ කැරිබියන් දූපත්වල වෙසෙන ළමයින්ට සෙසු රටවල් හා සැසදීමේ දී පාසල් යාමට තිබු කාලය හතර ගුණයකින් අහිමි වී ඇතැයි යුනිසෙෆ් සංවිධානය සදහන් කරයි. එම රටවල ළමයින් වැඩි පිරිසකට මෙම වසර පුරා පාසල් අධ්‍යාපනයෙන් බැහැරව සිටීමට සිදුවී තිබේ. එම සංවිධානය පෙන්වා දෙන්නේ ලොව අන් රටවල පාසල් ක්‍රමානුකුලව මේ වනවිට යලි විවෘත වෙමින් පවතින බවයි. කෙසේ වෙතත් දකුණු ඇමරිකානු සහ කැරිබියන් දුපත් කලාපයේ පාසල් මේ දක්වා ආරම්භ වී නැත. ඇති නැති පරතරය ද ළමයින්ගේ අධ්‍යාපනයට බෙහෙවින් බලපා ඇතැයි එම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *