96 වන ජාතික මලල ක්‍රිඩා ශූරතා තරගාවලිය කොළඹදී අද ඇරඹෙයි

Share Button

96 වන ජාතික මලල ක්‍රිඩා ශූරතා තරගාවලිය කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේදී අද ඇරඹෙයි. එය අවසන් වන්නේ ලබන ඉරිදායි. මෙවර ජාතික මළල ක්‍රිඩා උළෙලට ක්‍රිඩක ක්‍රිඩිකාවෝ 750 කට අධික පිරිසක් සහභාගී වෙති. ඉදිරියේදී පැවැත්වෙන ආසියානු ක්‍රිඩා උළෙලේ අවසන් තේරීම් තරගයක් ලෙස මෙම තරගාවලිය යොදා ගන්නා බව ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා කියයි. ජාතික මට්ටමේ සිටින සියඵම ක්‍රිඩක ක්‍රිඩිකාවන් මෙම තරගාවලියට සහභාගී වන බැවින් ඔවුන් දිරිමත් කිරීම සදහා තරග නැරඹීමට සුගතදාස ක්‍රිඩාංගනයට පැමිණෙන්නැයි ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *