අද දවසේදීත් කොවිඩ් මරණ 3 ක් – සුවවූ සංඛ්‍යාව දසදහස ඉක්මවයි

Share Button

තවත් කොවිඩ් ආසාදිත මරණ 3 ක් වාර්තා වෙයි. පානදුර ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි ඔහු පොලිස් රෝහලට ඇතුළත් කරන විට මියගොස් සිටි බව වාර්තා වේ. කොරෝනා ආසාදනයෙන් ඇති වූ හෘදයාබාධයක් මරණයට හේතුව බව පශ්චාත් මරණ පරීක්ෂණයේදි තහවුරු වී ඇත.කොළඹ 11 පදිංචි වයස අවුරුදු 40 ක පිරිමි අයෙකු ද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් සිට ඇත. කොවිඩ් හේතුවෙන් ඇතිවූ හෘදයාබාද තත්ත්වයක් ඊට හේතු වී තිබේ. කැලණියේ පදිංචි අවුරුදු 45 ක පිරිමි අයෙකු ද හම්බන්තොට දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අවස්ථාවේ කොවිඩ් හේතුවෙන් ඇතිවූ හෘදයාබාදයකින් මියගොස් තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 44 කි.

මේ වන විට මෙරට කොවිඩ් ආසාදිත 14 දහස් 715 දෙනාගෙන් 10 දහස් 181 දෙනෙකු සුවය ලබා තිබේ. ආසාදිතයෝ 4490 කට අධික පිරිසක් තවදුරටත් ප්‍රතිකාර ලබති. සුවය ලැබූ පුද්ගලයින් 696 දෙනෙක් අද නිවෙස් බලා පිටත්ව ගියහ. මේ අතර බන්ධනාගාරවලින් හමුවූ කොවිඩ් පොකුර මේ වන විට 156 දක්වා ඉහළ ගොස් ඇත.

කොළඹ නගරයේ ජනතාව සඳහා ඉදිරි සතියේ දී වෛද්‍ය ජංගම සායන පවත්වන බව කොළඹ නගර සභාවේ නාගරික කොමසාරිස් රෝෂණී දිසානායක මහත්මිය පවසයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *