ධිීවර කටයුතු යළි නගාසිටුවීමට විශේෂඥ උපදෙස්
කොවිඩ් හේතුවෙන් අඩාළ වූ ධිීවර කටයුතු යළි නගාසිටුවීම සඳහා ධීවර අමාත්‍යංශය විශේෂඥ උපදෙස් ලබාදීම සඳහා පත්කළ කමිටුවේ අතුරු වාර්තාව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාට භාර දුන්නේය. මෙහිදී ගැටලු මතු වී ඇත්තේ කුඩා බෝට්ටු හිමියන් ඇතුඵ සාමාන්‍ය ධීවර යාත්‍රා වලින් ධීවර කටයුතු වල යෙදෙන ධීවරයින්ට බව හඳුනාගෙන ඇත. ඒ සඳහා නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරි සතියේදී නිකුත් කෙරේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ සහයෝගය ඇතිව පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණය සහ අනෙකුත් මාඵ වෙළෙඳ සැල් විවෘත කරන බව අමාත්‍යවරයා මෙහිදී කීවේය.