මගී ජනතාවට ආරක්ෂාකාරීව ප්‍රවාහන සේවාවක්
මගී ජනතාවට ආරක්ෂාකාරීව ප්‍රවාහන සේවාවක් ලබාදීමට ක්‍රියාකරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පවසයි. සිදුකළ ගාස්තු සංශෝධනය පිළිබඳ සෑහිමට පත්වන බව ද ඔහු පවසයි.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරන්ත මහතා පැවසුවේ ගාස්තුවලට වඩා ප්‍රමුඛතාව ලබාදිය යුත්තේ මගීන්ගේ ආරක්ෂාවට බවයි. බස් රථයේ ආසන සංඛ්‍යාවෙන් හරි අඩකට සිග්සැග් ක්‍රමය යටතේ මගීන් ප්‍රවාහනය කිරීමට තමන් යෝජනා කරන බව ඔහු කියා සිටී.