අමෙරිකානු ජනාධිපතිවරණයේ සමස්ත ප්‍රතිඵලය නිකුත් කිරීම තවදුරටත් කල්යයි

Share Button

අමෙරිකානු ජනාධිපතිවරණයේ සමස්ත ප්‍රතිඵල නිකුත් කිරීම තවදුරටත් කල් යන තත්ත්වයක් පෙන්නුම් කෙරේ. ඊට හේතු වී ඇත්තේ ජෝජියා ප්‍රාන්තයේ ඡන්ද යළි අතින් ගණන් කිරීමයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ පාර්ශ්වයෙන් සිදුකළ ඉල්ලීම් අනුව එය සිදු කෙරේ. මීට පෙර නිකුත් කළ ප්‍රතිඵල අනුව ඩිමොක්‍රටික් පක්ෂයේ ජෝ බයිඩන් මහතා ඡන්ද 14 දහසකින් පමණ එම ප්‍රාන්තයේ ඉදිරියෙන් සිටියේය. ජනාධිපතිවරණයෙන් පසු ප්‍රථම වතාවට ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඊයේ වර්ජිනියා ප්‍රාන්තයේ පැවති ජ්‍යෙෂ්ඨයන්ගේ සැමරුම් දින උත්සවයට එක්ව සිටියේය. මෙම වැඩසටහනට ජෝ බයිඩන් මහතා ද එක්ව සිටි අතර දෙදෙනා වෙනුවෙන් උත්සව දෙකක් සංවිධාන කර තිබුණි. කුමන ගැටලු පැවතියත් ලබන ජනවාරියේ දී තමාට ජනාධිපති ධූරය භාරදෙනු ඇතැයි ජෝ බයිඩන් මහතා විශ්වාසය පළ කරයි. මේ අතර ජෝ බයිඩන් මහතාගේ කොවිඩ් උපදේශක මණ්ඩලය සඳහන් කර ඇත්තේ රට අගුලුදැමිය යුතු බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *