චීනය ජෝ බයිඩන්ට සුබ පතයි

Share Button

අමෙරිකානු ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා අනුමාන ලෙස තීරණය වී දින ගණනාවකට පසු චීනය ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් මහතාට සුබ පැතුම් එක්කර තිබේ. අමෙරිකානු ජනතාව මේ අවස්ථාවේ දී තෝරාගත් පුද්ගලයා පිළිබඳව ගෞරව පිරිනමන බව චීන විදේශ අමාත්‍යංශය පවසයි. චින අමෙරිකානු සබඳතා තීරණාත්මක අවධියකට ළගා වී තිබේ. කෙසේ වුවත් රුසියාව මෙතෙක් මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නොමැත. නිල ජනාධිපතිවරණ ප්‍රතිඵල ලැබෙන තෙක් ප්‍රකාශයක් නිකුත් නොකරන බව ක්‍රෙම්ලියනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝ මහතා පවසයි. මේ අතර අමෙරිකානු මැතිවරණ බලධාරීන් පැවසුවේ ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේදී කිසිදු නීති විරෝධී ක්‍රියාවක් සිදු නොවුනු බවයි. ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඉදිරිපත් කරන ඡන්ද දූෂණ චෝදනා ප්‍රතික්ෂේප කරන බව එහි ප්‍රකාශකයෙකු කීවේය. ට්‍රම්ප් මහතා පැවසුවේ විද්‍යුත් තැපෑල ඔස්සේ ලැබුණු මිලියන 2 යි දශම 7 ක තම ඡන්ද මකා දමා ඇති බවයි. එය ඔප්පු කිරීමට කිසිදු සාක්ෂියක් නැතැයි එරට මැතිවරණ බලධාරීහු කියති. ඇරිසෝනා ප්‍රාන්තයේ ජයග්‍රහණය ද ජෝ බයිඩන් මහතාට ලැබෙනු ඇතැයි වාර්තා වෙයි. එසේ වුවහොත් 1996 වසරෙන් පසු ඩිමොක්‍රටික් පක්ෂය ඇරිසෝනාව ජයගන්නා ප්‍රථම අවස්ථාව මෙය වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *