ලොව පුරා හින්දු බැතිමතුන්ගේ දීිපාවලී උත්සවය අදයි – සෞඛ්‍ය ආරක්ෂාවට මුල් තැන දෙමින් එය සමරන්නැයි සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක්
දීපාවලී උත්සවය සැමරීමේ දී සෞඛ්‍යාරක්ෂාවට මුල්තැන දෙමින් එම කටයුතු සිදුකරන්නැයි වසංගත රෝග ඒකකයේ විශේෂඥ සුදත් සමරවීර මහතා හින්දු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී. මහජනයා එකතු වීම මේ මොහොතේ අනුමත කළ නොහැකිය. හින්දු ප්‍රජාව මෙන්ම වතුකරයේ ජනතාව ද මේ පිළිබඳව දැඩි අවධානයක් යොමුකළ යුතු බව ඔහු පෙන්වා දෙයි. මේ පිළිබඳ සෞඛ්‍ය උපදේශ හා නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් හින්දු නායකයින් ප්‍රජා නායකයින් ඇතුඵ පිරිස් වෙත ලබාදීමට පියවර ගෙන ඇතැයි ඔහු කියයි. සුබ පැතුම් එක්කිරීමට දුරකථනය පමණක් යොදා ගත හැකිය.
මේ අතර කොවිඩ් පැතිරීම වැළැක්වීමට සහාය වෙමින් දීපාවලී සැමරුම තම නිවසට හා පවුලට පමණක් සීමා කරන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා හින්දු බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරයි. පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීවේය.