රණවිරුවන් ජාත්‍යන්තර බලපෑම්වලින් නිදහස් කර ගත්තේ වත්මන් රජයයි-ජනාධිපති

Share Button

වීරෝධාර රණවිරුවන්ට ජාත්‍යන්තරයෙන් එල්ල වූ බලපෑම් සියල්ලෙන් ඔවුන් නිදහස් කර ගත්තේ වත්මන් රජය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එමෙන්ම වත්මන් රජය රට බෙදා දීමට හෝ රට පාවා දීමට කටයුතු කර නොමැති බවත් , ඉදිරියට එවැනි කිසිදු ක්‍රියාවකට ඉඩ නොමැති බවත් ජනාධිපතිතුමා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මනම්පිටිය නගරයේ හෙළ බොජුන් හලේ සිදු කෙරුණු සංවර්ධන කටයුතු රැසක් ඊයේ ජනතා අයිතියට පවරා දෙමිනි.

රට පාවා නොදෙන ලෙස හා රණවිරුවන් රැකගන්නා ලෙස ඉල්ලමින් යල් පැන ගිය සටන් පාඨ කියමින් , ඇතැම් දේශපාලඥයන් ලිප්ටන් වටරවුමේ සිට පෙළපාලි යන්නේ තම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් පමණක් බවද ජනාධිපතිවරයා එහි දී කියා සිටියේය.

ආණ්ඩුවට විරුද්ධව ඉදිරිපත් කරන සටන් පාඨ කිසිවක් අද දවසට වලංගු නොවන අතර , එදා කතා කළ විදුලි පුටු , ජාත්‍යන්තර යුධ අධිකරණ මෙන්ම ජාත්‍යන්තර විනිසුරුවරුන් ගෙන්වීම යන සියළු කතා බහ වත්මන් රජය යටතේ නිමා වූ බව ද ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *