කොවිඩ් එන්නතෙන් සාර්ථක ප්‍රථිඵල

Share Button

තම ආයතනය සොයාගත් කොවිඩ් එන්නත ලබාදීමෙන් පසු ඉතා ඉක්මනින් ලෝකයේ ජන ජීවිතය සාමාන්‍ය අතට පත්නොවනු ඇතැයි එම එන්නත සොයාගත් බයෝ එන් ටෙක් ආයතනයේ සම නිර්මාතෘ මහාචාර්ය උගුර් සහීන් මහතා පවසයි. මෙහි ප්‍රතිඵල නිවැරදිව ලැබෙන්නේ මෙම සීත සෘතුවේදී නොව ලබන වසරේ සීත සෘතුවේ දී බව ඔහු කියා සිටී. එම නිසා එන්නත ලබාදුන් විගස කඩ්නම් ප්‍රතිඵල අපේක්ෂා කළ නොහැක. මෙම එන්නතේ සම සංවර්ධකයින් වන ෆයිසර් ආයතනය පසුගිය සතියේ දී පැවසුවේ එන්නත ලබාදීමෙන් බොහෝ පිරිසකට කොවිඩ් වළක්වාගත හැකි බවයි. වැඩිහිටියන්ට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට එම එන්නත ලබාදීමේදිී ප්‍රමුඛතාව ලැබේ. වයස අනුව එන්නත ලබාදෙන අය ශ්‍රේණිගත කෙරෙ. කෙසේ වුවත් මෙම එන්නත මගින් ජනතාව අතර වෛරසය සම්ප්‍රේෂණය වීම අවම වනු ඇතැයි මහාචාර්යවරයා කියයි. එන්නත ලබාගැනීමෙන් පසු වෛරසයේ රෝග ලක්ෂණ වර්ධනය වීම නවත්වනු ලැබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *